FAST NEWS

24×7 Around the Globe

පක්ෂයේ ගැටලු විසඳීමට එජාප ජ්‍යෙෂ්ඨයන් එකගවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වූ අතර , එහිදී ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳීමේදී පක්ෂයේ එකමුතු බව ආරක්ෂා කර ගනිමින් ඉදිරි තීන්දු තීරණ ගත යුතු බවට එහිදී තීරණය වී ඇත. 

මීට අමතරව, ලබන සිකුරාදා දිනයේදී ද එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සහ අග්‍රාමාත්‍යවරයා අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට මෙහිදී එකගතාවයට එළැඹ ඇත.