FAST NEWS

24×7 Around the Globe

SLFP මන්ත්‍රීවරුන්ගේ විනය පියවර සම්බන්ධයෙන් තීන්දුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් වෙනත් පක්ෂවල සාමාජිකත්වය ලබාගත් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගනු ලබන විනය පියවර ගැන මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කොළඹදී ඊයේ (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේය. 

නමුත් පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියා සිටියේ කිහිපදෙනෙකු පමණක් ඉලක්ක කර ගනිමින් විනය පරීක්ෂණ පැවැත්වීම අසාධාරණ බවයි.