FAST NEWS

24×7 Around the Globe

අනතුරින් ජීවිතක්ෂයට පත් ජනපති ආරක්ෂක අංශ නිලධාරිනියගේ දේහය ඇගේ නිවසට.

මිනුවන්ගොඩ – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඊයේ උදෑසන සිදු වූ රිය අනතුරකින් ජනාධිපති ආරක්ෂකයින් 5 දෙනෙක් මිය ගියහ.

කොළඹ සිට නිකවැරටිය දෙසට ධාවනය වූ ජනාධිපති ආරක්ෂක නිලධාරීන් රැගත් ජීප් රථය මිනුවන්ගොඩ, මිරිස්වත්තේදී බස් රථ දෙකක් ගැටීමෙන් එම අනතුර සිදුවිණි.

සිද්ධියෙන් මිය ගිය ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරිනියගේ දේහය මේ වන විට ඇගේ නිවස වෙත රැගෙනවිත් තිබේ.