FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පොදුජන සන්ධානයකට පක්ෂ නියෝජිතයින්ගේ එකඟතාවය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එම පෙරමුණට සහය පළ කරන අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් ගොඩනැඟීමට එම පක්ෂ නියෝජිතයින් එකඟතාවය පළ කර ඇත. ඒ ඊයේ (29) රාත්‍රියේ ඒකාබද්ධය නියෝජන කරන මන්ත්‍රීවරු සහ විපක්ෂනායකවරයා අතර පැවති සාකච්ඡාවකදීයි. 

මේ පිළිබදව අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ ඊයේ පවත්වනු ලැබූ සාකච්ඡා සාර්ථකව නිම කළ බවයි.

මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ විනය පරීක්ෂණ නොවන බවත් රට බේරා ගැනීම සඳහා ප්‍රතිපත්ති මත එකඟතාවයක් ඇති කර ගැනීම බවත් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අවධාරණය කළේය.

මේ අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, මෙම නව සන්ධානයේ විධායක සභාව ලෙස 55 % ක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් ඉතිරි 45 % සහෝදර පක්ෂ වෙත ලබා දීමටත් එකඟත්වය ඇතිවනු ඇති බවයි.