FAST NEWS

24×7 Around the Globe

අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රහාරයට අදට වසර 14ක් සපිරෙයි.

අමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය හෙවත් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී අදට වසර 14ක් සපිරෙයි.

එම ප්‍රහාරය එල්ල වූයේ, 2001 වසරේ අද වැනි දිනක ය.

ත්‍රස්තවාදීන් විසින් පැහැර ගැනුණු ගුවන් යානා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුළුණුවල ගැටීමට සැලැස් වූ අතර එහි දකුණු කුළුණ පෙරවරු 9.59 ත් උතුරු කුළුණ පෙරවරු 10.28ට කඩා වැටීමට ලක්විණි.

ඉන් අනතුරුව ත්‍රස්තවාදීන්ගේ තව ත් ඉලක්කයක් වූයේ, පෙන්ටගනයයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරවලින් 3000 කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වූ අතර තව ත් 6000 ක් තුවාල ලැබූහ.