FAST NEWS

24×7 Around the Globe

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැන වෛද්‍යවරුන්ගෙන් යළිත් රතු එළියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉදිරි සති දෙකක කාලය තුළ යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා අවතීර්ණ වීමට සිදුවිය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. 

තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණු බැවින් මෙම වර්ජනය යළිත් ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පවසන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ බාල ඖෂධ ගෙන්වීම, ඖෂධ හිඟය, වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම ප්‍රමිතිය නීතිගත කිරීම ඇතුළු මෙම ඉල්ලීම් සඳහා තවමත් රජය තවමත් නිසි විසඳුම් ලබාදී නොමැති බවයි.