FAST NEWS

24×7 Around the Globe

ජන බලවේගයේ ජනපතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන පළමු වනදා සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ජනතා විමුක්ති පෙරමුණ – ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන පළමු වනදා නිල වශයෙන් ආරම්භ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ සියලු පළාත් පාලන ආයතන නියෝජිතයින් කොළඹට කැඳවා ඇති බවත් ඔහු පැවසීය.

එදින ජනතා විමුක්ති පෙරමුණේ සියලු පළාත් පාලන ආයතන නියෝජිතයින් කොළඹට කැඳවා ඇති බවත් , පළමු රැස්වීම එදින පෙරවරු 9.00ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහිදී මැතිවරණයට අදාළ සංවිධාන කටයුතු පිළිබඳව එම නියෝජිතයින් දැනුවත් කෙරෙනු ඇති බවත් ජයතිස්ස මහතා අවධාරණය කළේය.