FAST NEWS

24×7 Around the Globe

2019 ආරක්ෂක සමුළුව අද සහ හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(29) සහ හෙට(30) යන දෙදින තුල තුළ ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ආරක්ෂක සමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

දේශිය හා ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂක විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවෙදී ආරක්ෂාව පිළිබඳව හා විශේෂඥ උපදේශනාත්මක දැනුම හුවමාරු කර ගැනිමට නියමිතයි.

ජාතික කලාපීය හා ගෝලීය කරුණු ආශ්‍රයෙන් ස්ථාවර වටපිටාවක් ගොඩනගා ගැනිමට අදාල ජාතක හා ජාත්‍යන්තර තලයේ විසදුම් ද මෙම සමුළුවේදි සාකච්ඡාවට භාජනය කෙරේ.

“සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්ව” යන්න සමුළුවේ තේමාවයි.