FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර චෝදනා පරීක්ෂණ කටයුතු පිලිබඳ ජනපතිගෙන් උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -බැඳුම්කර චෝදනා සම්බන්ධ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.

අද(28 ) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන සභාවේ සාමාජිකයින් ඇතුලූ බලධාරීන් පිරිසක් සමඟ මේ බව ප්‍රකාශ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පරික්ෂණ පමාවීම යුක්තිය ඉටුවීමට බාධාවක් බවද පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එම පරීක්ෂණ කටයුතු ඉතා කඩිනමින් ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙසද වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.