FAST NEWS

24×7 Around the Globe

මුහුණට මුහුණ ගැටුණු එක දුම්රියක රියදුරු ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටුවේ සිට හලාවත දක්වා සහ මරදානේ සිට කලුතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් එකිනෙකට ගැටීම සම්බන්ධයෙන් එක් දුම්රියක රියදුරු, නියාමකවරුන් දෙදෙනා සහ රිය සහායකගේ වැඩ තහනම් කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියේ සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව මෙලෙස ඔවුන්ගේ වැඩ තහනම් කළ බවයි.

අද පෙරවරුවේ මෙලෙස මුහුණට මුහුණලා ගැටී තිබුණේ කොළඹ සිට හලාවත දක්වා ධාවනය කර තිබූ දුම්රියක් සහ මරදානේ සිට කළුතර බලා ගමන් කරමින් තිබූ දුම්රියක් වන අතර අනතුරෙන් දුම්රිය දෙකට සහ මගීන්ට කිසිදු හානියක් සිදුවූයේ නැහැ.