FAST NEWS

24×7 Around the Globe

රුසියානු විශේෂ යන්ත්‍රයක් ජනපතිට පිළිගන්වයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී රුසියාවේ විද්‍යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම සිදු විය.

ආචාර්ය Evgeny Usachev මහතාගේ නිර්මාණයක් වන මෙම නව තාක්ෂණික උපකරණය ඇමරිකන් ඩොලර් 50,000ක් පමණ වටිනා කමකින් යුක්ත වේ.

රුසියානු විද්‍යාඥ Olgo Usacheva ශ්‍රී ලංකාවේ රුසියන් තානාපති Yury B. Materiy ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සේනක අබේගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල දවුලගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.