FAST NEWS

24×7 Around the Globe

ගලේවෙල රිය අනතුරකින් 11දෙනෙකු රෝහල් ගත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(28) වෑන් රථයක්, ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 11දෙනෙකු තුවාල ලබා ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ මොරගොල්ල ප්‍රධාන මාර්ගයේ හොම්බාව ප්‍රදේශයේදී අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක්, කුකුළු ගොවිපළක සේවය සඳහා කාන්තාවන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක්ද , මාර්ගය අසල නවතා තිබූ තවත් ත්‍රිරෝද රථයක් සහ මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියකි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගලේවෙල පොලිසිය විසින් සිදු කරනු ලබයි.