ව්‍යාජ ලෙස හැඳුනුම්පත් ලබා ගත් බව කියන සිද්ධියට අදාළ ශෂී වීරවංශට එරෙහි නඩුව ලබන ජනවාරි 29 වනදා දක්වා කල් තබා තිබේ.
මෙම නඩු විභාගය අද (11)කැඳවූ අතර රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුවට අදාළ ලිපි ලේඛන සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීමට කාලයක් අවශ්‍ය බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ ව්‍යාජ ලිපි ලේඛන සකස්කොට හැඳුනුම්පත් සකස් කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධ මෙම නඩුව ජනවාරි 29 වනදා යළි කැඳවන බව කොළඹ මහේස්ත්‍රාත්වරයා අද ප්‍රකාශ කළේය.







