(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටුවේ සිට හලාවත දක්වා සහ මරදානේ සිට කලුතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් එකිනෙක ගැටුණු බව දුම්රිය පාලක මැදිරිය පවසයි
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රියන්ගේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් මෙයින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොවූ බවත් පාලක මැදිරිය සඳහන් කරයි.
පාලක මැදිරිය ප්‍රකාශ කළේ දුම්රිය ධාවනය හැකි ඉක්මණින් යථා තත්වයට පත් කරන බවයි.








