FAST NEWS

24×7 Around the Globe

මඩකලපුවේ සිදුවීමෙන් සිව් දෙනෙකුට තුවාල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ(27) පස්වරුවේ මඩකලපුව, කල්අඩි පාලම අසල ප්‍රදේශවාසීන් පිරිසක් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

මඩකළපුව,කල්ලියන්කාඩු සුසාන භුමියේ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ගේ ශරීර කොටස් මිහිදන් කිරිමට එරෙහිව අදාල විරෝධතාව පැවැත්විය.

බෝම්බකරුගේ හිස කොටස මෙතෙක් රෝහල් මෘත ශරිරාගාරයේ තබා තිබූ අතර එය පෙරේදා(26) අදාල සුසාන භුමියේ මිහිදන් කර ඇත.

එම අවස්ථාවේ ඇති වු නොසන්සුන්තාවය හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.