FAST NEWS

24×7 Around the Globe

ටී එන් ඒ සහ ජනපති අතර අදත් සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(28) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ එම්.ඒ. සුමන්දිරන් පසුගිය සිකුරාදා දිනයේ ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ගත් තීරණයකට අනුව අද මෙම සාකච්ඡාව පැවැත් වේ.

මෙහිදී උතුරු පළාතේ පවතින ඉඩම් නිදහස් කිරීම පිළිබදව සාකච්ඡා කිරීමට අපේක්ෂිත බව වැඩිදුරටත් වාර්තා වෙයි.