FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමෙන්තුවේ විවාද කාලයෙන් 70% ක් ආණ්ඩු පක්ෂයට.

පාර්ලිමේන්තුවේ විවාදවලදී ජාතික ආණ්ඩුවට විවාද කාලයෙන් 70% ක කාලයක් වෙන් කිරිමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්විමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට ලබාදෙන විවාද කාලය පිළිබඳ එකඟතාවයකට පැමිණ තිබේ.

ඒ අනුව විපක්ෂයට විවාද කාලයෙන් 30% ක් හිමි වනු ඇත.

ජාතික ආණ්ඩුවට හිමි වන 70% ක කාලයෙන් එක්සත් ජාතික පක්ෂයට 40% ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 30% ක් වෙන් කර දිමට පක්ෂ නායකයින් එකඟතාව පළ කර ඇත.

මේ අතර ජාතික ආණ්ඩුව තුළ මන්ත්‍රීවරුන් 201 දෙනෙකු නියෝජනය කරන බව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂ නායකයින්ට දැනුම්දී තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ආසන වෙන් කිරිම සිදු කිරිමට කතානායකවරයා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

මේ අතර තමන්ට ද පාර්ලිමේන්තුව තුළ පක්ෂ නායකයින් ලෙස නියෝජනයක් ලබා දෙන ලෙස දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ ඉල්ලීම ලිඛිතව ලබා දෙන ලෙස කතානායක කරූ ජයසුරිය මහතා ඔවුන්ට දුනුම්දී ඇති බව වාර්තාවෙයි.