(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාල නඩුව යටතේ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා එරෙහිව අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය.
මෙහිදී කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කලේ සැකකරු රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.
අදාළ නඩුව ලබන සැප්තැම්බර් 10 වනදා යළිත් කැඳවීමට නියමිතයි.








