FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අදත්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පොදු සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අද (27) යළිත් ආරම්භ වීමට නියමිතයි.

මීට පෙර සිදුකරනු ලැබූ සාකච්ඡා හය සඳහා සහභාගී වූ නියෝජිතයන් කිහිපදෙනෙකු අද සිට ආරම්භ වන සාකච්ඡා සඳහා සහභාගී නොවන බවත් වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම්කෙරුණු ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දක්වන්නේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පමණක් අද සාකච්ඡා වටය පැවැත්වෙන බව පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේය.

සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකගවන්නේ නම් ඒ සඳහා අවබෝධතා ගිවිසුමක් සකස් කිරීමට අදාල කරුණුද මෙහිදී සාකච්ඡා කෙරෙන බවත් ඔහු අවධාරණය කළේය.