FAST NEWS

24×7 Around the Globe

සරසවි අන්‍යධ්‍යයන සේවකයින් දෙදිනක වැඩ වර්ජනයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ වැඩ වර්ජනයක නිරතවීමට විශ්වවිද්‍යාල අන්‍යධ්‍යයන සේවකයින් තීරණය කර ඇත.

ඒ , රාජ්‍ය සේවකයින්ට සාපේක්ෂව තමන්ගේ ද වැටුප් වැඩි කරන ලෙස බලකරමින්.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත සඳහන් කළේ වෘත්තීය සමිති 24 කට අයත් 16,000 කට ආසන්න අන්‍යධ්‍යයන සේවක පිරිසක් මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිත බවයි.