(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට මේ වනවිට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවා ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
මෙම පවිත්‍රාගාරයේ විදුලිය සපයන ට්‍රාන්ස්පෝමරයක සිදුවු හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ජල සැපයීම අඩාල වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ඒ අනුව පයාගල, පිළිමිනාවත්ත, බෝඹූවල, මග්ගොන, මීරිවෙල, කළුවාමෝදර ,මොරගල්ල, අළුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට අද (26) මධ්‍යම රාත්‍රි 12 දක්වා ජල සැපයීම අත්හිටුවනු ලැබේ.








