(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ සිසුන් පිරිසක් අද (26) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළේය.
රාජගිරියේ පිහිටි පිරිමි නේවාසිකාගාරයේ සිසුන් පෙර දැනුම්දීමකින් තොරව ඉවත් කර ඇති බව පවසමිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.
නේවාසිකාගාර පාලනාධිකාරියේ අත්තනෝමතික ක්‍රියාකාරකම් හේතුවෙන් සිසුන් මේ වනවිට දැඩි අසීරුතාවකට පත්ව සිටින බව පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ සභාපති බුවනක තිසුර කියා සිටියේය.








