FAST NEWS

24×7 Around the Globe

අපේක්‍ෂකයා ගැන තීරණයක් ගන්න ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද කැඳවා තිබේ.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර සිය පක්‍ෂයේ තීරණය සාකච්ඡා කිරීම සඳහාය.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී  එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති නමුත් පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කර එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට උත්සහ කරන බවයි.

ඒ අනුව අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ජනපති නිල නිවසේදී නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන වීමට නියමිතය.

එසේම නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා හෙට යළි ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.