FAST NEWS

24×7 Around the Globe

රත්නපුර ෆේස්බුක් සාදයකදී හොරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමග 08 ක් අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ (24) සිදුකළ වැටලීමක දී රත්නපුර – හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි හෝටලයක ෆේස්බුක් ඔස්සේ සංවිධාන කර තිබූ සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් අටදෙනෙකු පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී අයිස්, හොරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයින් පස් දෙනෙකු සහ තරුණියන් තුන්දෙනෙකු  අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මීට අමතරව , රත්නපුර අවට ප්‍රදේශවලම පදිංචි මොවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 795ක්, හෙරොයින් මිලිග්‍රෑම් 345ක් සහ ගංජා මිලිග්‍රෑම් 4540 ක් සොයාගැනීමට සමත්ව ඇත.