FAST NEWS

24×7 Around the Globe

හදිසි නීතිය ඉවත් කිරීම ත්‍රස්ත සංවිධාන තහනමට බලපෑමක් නැහැ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හදිසි නීතීය දිර්ඝ නොකිරීම ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපාන බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව ජාතික තවුහිද් ජමාත් සංවිධානය හෙවත් එන්.ටී.ජේ., ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් හෙවත් ජේ.එම්.අයි. සහ විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තහනම් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නියෝග යටතේ බැවින් හදිසි නීතිය දීර්ඝ නොකිරීම මෙම සංවිධාන සඳහා පැනවූ තහනමට බල නොපාන බවයි එම අමාත්‍යාංශය යටතේ පවතින ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය සදහන් කළේ.

දැනට පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඊයේ (23) දින සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය දීර්ඝ නොකිරීමට රජය තීරණය කරනු ලැබීය.

එමෙන්ම හදිසි නීතිය දීර්ඝ නොකිරීම, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන මෙන්ම අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදීන් සහ රදවාගෙන සිටින සැකකරුවන්ට අදාළ කටයුතුවලට බාධාවක් නොවන බව පොලීසිය පවසයි.