FAST NEWS

24×7 Around the Globe

ICC සභාපතිවරයා සහ ජනපති අතර හමුවක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහර් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුවිය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ක්‍රීඩාව දේශපාලන මැදිහත්වීම් හා බලපෑම්වලින් තොරව ඉදිරියට ගෙන යාමේ වැදගත්කමද අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ නර්තන කණ්ඩායම්වල ශිල්පීන්ගේ දක්ෂතා අගය කරමින් ඇගයීම් සහතිකද මෙහිදී පිළිගන්වනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.