FAST NEWS

24×7 Around the Globe

TNA නායකයා ඇතුළු පිරිසක් ජනපති හමුවෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා සිදුකරනු ලැබීය.

එහිදී දේශපාලන කරුණු කිසිවක් එහිදී සාකච්ඡා නොවූ බව එම සාකච්ඡාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සදහන් කළේය.

මේ අතර, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබුණා.