(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ ප්‍රකාශයට පත් කල හදිසි නීතිය යළි දීර්ඝ නොකරන බව ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසයි.
ශාන්ත කෝට්ටේගොඩ මහතා කියා සිටියේ රටේ ආරක්ෂක තත්ත්වය යහපත් බැවින් හදිසි නීතිය යළි දීර්ඝ නොකිරීමට තීරණයක් ගත් බවයි
මෙම හදිසි නීතිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රට තුළ ක්‍රියාත්මක කර අතර එය පසුගිය සෑම මාසයක් පාසාම තවදුරටත් දීර්ඝ කරනු ලැබුවේය.








