FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් සිදුවීමට අදාළ සැකකරුවන් සිව්දෙනෙක් යළිත් රිමාන්ඩ්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇවන්ගාඩ් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක, ඇතුළු සිව් දෙනා ලබන මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ කරුණාරත්න බණ්ඩාර අධිකාරී එගොඩවෙල මෙන්ම රක්නාලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීරද අත්අඩංගුවට ගෙන තිබේ.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක අද දිනයේදී අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.