FAST NEWS

24×7 Around the Globe

ඇල්ල – රොක් රක්ෂිතයේ ගින්න නිවීමට ගුවන් හමුදා සහය පතයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (22) පස්වරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල රොක් ප්‍රදේශයේ හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා ගුවන් හමුදාවේ සහය ඉල්ලා සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඬ පැවැත්වීම සඳහා වනජීවි නිලධාරීන්ට සහය ලබාදෙමින් සිටින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා පැවසීය.

මෙම ගින්න ප්‍රපාතයක හටගෙන තිබෙන නිසා එය නිවාදැමීම ඉතා අපහසු බව ද ඒ මහතා සදහන් කළේය.

මේ වනවිටත් ගින්න පැතිර යමින් පවතින අතර ඊයේ දිනය වනවිට රක්ෂිත භූමියේ අක්කර 20 ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබූ බව පොලීසිය පවසයි.

මොණරාගල – මරගල කන්ද රක්ෂිතයේ ද ගින්න හට ගත් අතර එය ද මේ වන විට මැඬ පවත්වා තිබේ.

ගින්නෙන් රක්ෂිතයේ අක්කර 30 ක පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.