FAST NEWS

24×7 Around the Globe

‘සජිත් මාතරට එනවා’ ජනරැළිය අදයි

(ෆාස්ට්නිව්ස්| කොළඹ) – පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම සඳහා වන එක්සත් ජාතික පක්ෂයේ ජන රැළියක් අද මාතර සනත්දී ජයසුරිය ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම ජන රැළිය සංවිධාන කර තිබේ.

අද පස්වරු 3.00 ට සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී රැළිය ආරම්භ කිරීමට සියළු කටයුතු සුදානම් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණු සන්ධානයෙන් ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.