FAST NEWS

24×7 Around the Globe

25 වනදා ඇරඹීමට නියමිත ලංකාවේ දෙවන විශාලතම ගංගා ද්‍රෝණිය

 

(ෆාස්ට් නිවුස් | කොළඹ ) – මල්වතුඔය හරස්කර ඉදිකෙරෙන යෝජිත පහළ මල්වතුඔය ජලාශයේ ඉදිකිරිම් ලබන 25 වැනිදා ඇරඹීමට නියමිතව ඇත.

ශ්‍රි ලංකාවේ දෙවන විශාලතම ගංගා ද්‍රෝණිය ලෙස සැලකෙන මෙම ජලාශයේ මුල්ගල තැබිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙති.

අනුරාධපුර විලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තන්තිරිමලේ බෝගොඩ ගම්මානය හරහා ජලය ගලායන මල්වතුඔය හරස්කර වේල්ලක් ඉදිකර මෙම ජලාශය ඉදි කරනු ලැබේ.

2023 වසර වනවිට මෙහි වැඩ වසර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඊ.ජී. අල්විස් පවසයි.

රුපියල් කෝටි 230 ක් වැය කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ වැඩ නිමවිමෙන් පසු වව්නියාව මන්නාරම සහ අනුරාධපුර වයඹ ප්‍රදේශයේ යල මහ දෙකන්නයේම වගා බිම් අක්කර හතලිස්දහසක් පෝෂණය වනු ඇත.