FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ තවත් ප්‍රබල අනුගාමිකයෙක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් යටතේ නුවරඑළිය කඳවුරේ පුහුණුව ලැබූ තවත් සැකකරුවෙක් අම්පාර ප්‍රදේශයේදී ‌‌පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහොමඩ් රෆයිඩීන් මොහොමඞ් අලි හෙවත් අබු ඉක්‍රිමා යන නාමයෙන් හදුන්වන මෙම සැකකරු ගම්පොල – වටදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර , ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වනු මොහු රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරක් මත අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.