FAST NEWS

24×7 Around the Globe

ඇමති මණ්ඩලට මසකට කෝටි 20යි – වාහන 711යි – විමල්.

ඇමති මණ්ඩලය සහ දිස්ත්‍රික් සංවර්ධනය කමිටු සභාපතිවරුන් එක්ව ගත්විට සිටින 115 දෙනා නඩත්තු කිරීමට අවම වශයෙන් මාසකට රුපියල් කෝටි 20ක් වැයවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

ඔවුන් සඳහා වාහන 711 ක් අවශ්‍ය බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී අද (10දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවසීය.

කැබිනට් අමාත්‍ය ධුර 48, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 45ක් සහ කැබිනට් අමාත්‍යවරයෙකුගේ වරප්‍රසාද සහ කාර්යමණ්ඩලයක් හිමිවන දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ට මෙම මහජන මුදල් වැයවන බවද ඔහු පැවසීය.