FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ 21 වටිනා ස්වර්ණාභරණ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිවුස් | කොළඹ ) – ඊයේ(21) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්, කටුනායක ගුවන් තොටුපලෙන් පිටකරන ලද ස්වර්ණාභරණ තොගයක් සමඟ කොළඹ බලා රැගෙන යාම සඳහා බස් රථයකට ගොඩවී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් ලක්ෂ විසි එකක් වටිනා ග්‍රෑම් 369 ක් බර ස්වර්ණාභරණ තොගය තුල පෙන්ඩන්ට් 16ක්, කරාබු 21ක්, මුදු 11 ක් සහ වළලූ 21 ක් තිබී මෙලෙස සොයාගත් බව ගුවන් තොටුපල රේගුව සඳහන් කරයි.

විසිතුන් හැවිරිදි කොළඹ පදිංචිකරුවෙකු වන ඔහු මෙම ස්වර්ණාභරණ තොගය ඉන්දියාවේ සිට පැමිණි මගියෙකු කොළඹට රැගෙන ගොස් භාරදෙන ලෙස තමන්ට ලබාදුන් බව ප්‍රකාශ කර තිබේ.