(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් සහ උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අතර හමුවක් අද (22) පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.
මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.








