(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්රධාන ජේලර්වරයා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙක් හික්කඩුව ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ඝාතනය සිදු කළ පුද්ගලයින්ට යතුරුපැදිය ලබාදුන් පුද්ගලයායි.
පන්නිල පදිංචි 25 හැවිරිදි සැකකරු බලපිටිය මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පසුගිය තුන්වනදා අම්බලන්ගොඩ, කුලීගොඩ ප්රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්රධාන ජේලර්වරයා ඝාතනය කළේය.








