(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ රෝහල්වල වෛද්‍ය වැඩවර්ජනයට සමගාමීව හෙට (22) දිනයේ පෞද්ගලික චැනල් සේවාවලින්ද ඉවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටියි.
සෞඛ්‍ය සේවාවේ හා වෛද්‍ය සේවාවේ ඇති වී තිබෙන ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී තිබෙන බවත්, මේ නිසා සමස්ත සෞඛ්‍ය සේවාවම අර්බුදයකට ලක්වෙමින් තිබෙන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසයි.
ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙට (22) පෙරවරු 8.00 සිට පැය 24 ක වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිත අතර, මේ නිසා මෙම කාලය තුළදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පෞද්ගලික චැනල් සේවාවලින්ද ඉවත්වන බව ඒ මහතා සදහන් කළේය.








