FAST NEWS

24×7 Around the Globe

වෙන්නප්පුව එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය 30 දක්වා රිමාන්ඩ්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු, සහ ඇගේ වැඩිමහල් සහෝදරිය මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සැකකරුවන් අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කෙරුණේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරියගේ පියා සහ ඇගේ බාල සහෝදරිය ඇප මත මුදා හැරීමටයි.

අදාළ මන්ත්‍රීවරියගේ බාල සහෝදරිය රියදුරු බලපත්‍රය  සහ අනෙකුත් බලපත්‍ර නොමැතිව අධික වේගයෙන් යතුරුපැදියකින් යමින් සිටියදී පෙරේදා රාත්‍රියේ පොලිසිය අත්අඩංගුවට ගත් අතර, පසුව එහි පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය ඇයගේ පියා සහ වැඩිමහල් සහෝදරිය වෙන්නප්පුව – සීනෝර් මං සන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් මොවුන්ව අත්අඩංගුවට ගනු ලැබීය.