FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවටයි.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත හා ඒ සඳහා වන සංශෝධන මඟින් ශ්‍රි ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විධිවිධාන සලසා ඇත.

එම පනතෙහි ඇතැම් විධිවිධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ප්‍රජාවගෙන් හා මානව අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාකාරීන්ගේ අදහස් ද ඉදිරිපත් වී ඇති බව රජය පෙන්වා දෙයි.

විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හා විවාහ වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධිවිධාන ආදි කරුණු සංශෝධනයට කරමින් එකී පනත සංශෝධනය කිරිම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට ද අනුමැතිය හිමිව තිබේ.