(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරුණු ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (21) පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී වැඩ භාර ගනු ලැබීය.
නව හමුදාපතිවරයා වෙනුවෙන් හමුදා සම්මාන මුරයක් සහ ආචාර පෙලපාලියක් ද පැවැත්වුණු බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.








