(ෆාස්ට් නිවුස් | කොළඹ) – සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානය ගොඩනගන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියේය.
ඊයේ (20) විපක්ෂ නායකයාගේ නිල නිවසේදි පොදුජන පෙරමුණ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්විණි.
උදය ගම්මන්පිල, එස්.එම්. චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, විමල් වීරවංශ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.








