FAST NEWS

24×7 Around the Globe

දහම් පාසල් අවසන් විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2018 වසරේ දහම් පාසල් අවසන් විභාග ප්‍රතිඵල නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා ප්‍රකාශ කරයි.

විභාග ප්‍රතිඵලයන් www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

පසුගිය 2019 මාර්තු මස 16 හා 17 යන දෙදින තුළ දහම් පාසල් අවසාන විභාගය පැවැත්වූ අතර , විභාගය සදහා අයඳුම්කරුවන් 125,642 ක් අයඳුම් කර තිබේ.

ඒ අතුරින් අයඳුම්කරුවන් 77,643 දෙනෙක් විභාගයට පෙනී සිට ඇත.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 868 ක පැවති විභාගය උත්තර පත්‍ර ඇඟයීම් කටයුතු මධ්‍යස්ථාන 47 කදී සිදු කරනු ලැබීය.