(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොණුකර ඇති පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඊට සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් තුනක් ගොනුකරනු ලැබීය.
යම් පණත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇති අනුකූල බව ප්‍රකාශ කිරීමට අධිකරණ බලයක් නොමැති බැවින් අදාල පෙත්සම් තුන ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව වෙත එවා තිබූ නිවේදනයේ සදහන්ව ඇත.








