FAST NEWS

24×7 Around the Globe

හිටපු යුද හමුදාපති ජනපති හමුවෙයි

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය අගය කළ ජනාධිපතිතුමා ඒ මහතා සමග සුහද කතා බහක ද නිරත විය.

හිටපු යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.