(ෆාස්ට් නිවුස් | කොළඹ) – කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරන පරිදි අද(20) දිනයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරිමට නියමිතව ඇත.
ඒ සඳහා අද(20) ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව වෙත කැඳවා තිබේ.
හෙට(21) දිනයේ ලංකා සතොස ආයතනය ද අනිද්දා(22) දිනයේ ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහාන මණ්ඩලය ද සිකුරාදා දිනයේ විදුලිබල මණ්ඩලය ද කෝප් කමිටුවේ දී අවධානය යොමුකිරීමට නියමිත බව බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය .
ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ හෙට දිනයේ සිට රජයේ කටයුතු මාධ්‍යයට විවෘත කෙරෙන බවයි .
පසුගිය සතියේ සිට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සභාව ද මාධ්‍යයට විවෘත කරනු ලැබීය.








