(ෆාස්ට් නිවුස් | කොළඹ) – අද(19) පෙරවරුවේ ජනාධිපති මන්දිරයෙදී අලුතින් පත්ව ආ යුරෝපා තානාපතිවරියන් දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.
මහා බි්රතාන්යය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය සදහා මහ කොමසාරිස්වරිය ලෙස සාරා හල්ටන් මහත්මියද / ටන්ජා ගොන්ග්රිප්ප් මහත්මිය නෙදර්ලන්ත තානාපතිවරිය ලෙසද නෝර්වේ තානාපතිනය ලෙස ටී්‍රන් එස්කඩෙල් මහත්මිය ද මෙලෙස අක්තපත්‍ර භාරදුන් බවජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
මෙහිදී කාන්තාවන් තිදෙනෙකුගේ මෙම පත්වීම් කාන්තා සවිබල ගැන්විම් පිළිබඳ වැදගත් සංකේතයක් බවත් එම රටවල් සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ දිගුකාලීන හා සමීප සබදතාවක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට සියයට 52 ක් පමණ වන කාන්තාවන් ජාතික ආර්ථිිකය වෙනුවෙන් ඉටුකරන සුවිශේෂි මෙහෙවරද සිහිපත් කර තිබේ.











