FAST NEWS

24×7 Around the Globe

JMI සංවිධානයේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට්නිව්ස් |අම්පාර)  මෙරට තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් හෙවත් (JMI)සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අම්පාර ප්‍රදේශයේදී ය.

රාජ්‍ය බුද්ධි ඒකකය විසින් ලබාදුන් තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මොවුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය ප්‍ර දේශයේදි අවි පුහුණුව ලැබූ අය බවට ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ ජේ.එම්.අයි සංවිධානයේ සාමාජිකයින් කිහිපදෙනෙකුම පසුගිය දිනවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.