(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් හෙවත් (JMI) සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.
රාජ්‍ය බුද්ධි ඒකකය විසින් ලබාදුන් තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර , මොවුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය ප්‍රදේශයේදි අවි පුහුණුව ලැබූ අය බවට ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ JMI සංවිධානයේ සාමාජිකයින් කිහිපදෙනෙකුම පසුගිය දිනවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.








