(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා ලබන 26 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
ඒ, ඔවුන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනංගල හමුවට අද (19) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නවක වදයට ලක්වූ සිසුවාගේ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.








